හබරාදූව, හරුමල්ගොඩ ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ. මාර්ගයේ ගමන් කරමින් සිටි එම පුද්ගලයින් දෙදෙනා ත්රීරෝද රථයකට නැගීමට උත්සාහ කිරීමේදී ඊයේ රාත්රියේ එම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
එහිදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා.
තුවාල ලැබූවන් හබරාදූව සහ අගුළුගහ ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා.
පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කර එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
එම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හබරාදුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.