වාහන ආනයන සඳහා අවසර ලබාදීම ලබන මාසයේ සිදු කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන පළමුව ආනයනය කිරීමට අවසර ලබාදීමට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
අමෙරිකානු ඩොලර් බිලියන පහයි දශම හයක විදෙස් සංචිතයක් මේ වනවිට ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවා.