හදිසියේ ඇතිවූ ජල ගැලීමක් හේතුවෙන් බටහිර දිල්ලියේ ජනප්‍රිය පුහුණු මධ්‍යස්ථානයක බිම් මහලේ පුස්තකාලයක සිරවී සිටි සිසුන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
සවස් කාලයේ පුහුණු මධ්‍යස්ථානයේ පහළම මාලයට වර්ෂා ජලය ගලා ඒම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර පුහුණු මධ්‍යස්ථානයේ බිම් මහලේ සිසුන් විශාල පිරිසක් සිට ඇති බවයි විද්සෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
ජල ගැලීමත් සමග එහි සිටි සිසුන් 30 දෙනෙකු ඉන් බේරී තිබෙන බවයි වාර්තා වන්නේ.
එම මහලේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යැමත් සමඟ එහි සිටි සිසුන් 30 දෙනෙකු ඉන් බේරී තිබෙන අතර තවත් සිසුන් තිදෙනෙකු එහි සිරවී තිබෙනවා
මෙම සිසුන් තිදෙනා මිය යාමට පෙර පැය හතරකට අධික කාලයක් සිරවී සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිසුන් අදාල පළාත් පාලන ආයතන වහාම දැනුවත් කර ඇති අතර, ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ගිනි නිවන රථ පහක් පිටත් කර යැවූ බව ගිනි නිවන හමුදාවේ නිලධාරීහු එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ.
ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර පැය කිහිපයකට පසු සිසුවියන් දෙදෙනෙකුගේ සිරුරු පිටතට ගෙන ඇති අතර . අනෙක් සිසුවාගේ මළ සිරුර රාත්රියේදී සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සිද්ධියෙන් පසු දිල්ලි අධිකරණය විසින් පුහුණු මධ්‍යස්ථානයේ හිමිකරු සහ සම්බන්ධීකාරක අත්අඩංගුවට ගෙන තිබෙනවා.