වයඹදිග උතුරු කොරියාවේ ගංවතුරෙන් අවතැන් වූ පුද්ගලයින් 5000 කට වැඩි පිරිසක් ගුවන් මගින් මුදාගෙන ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරනවා
අධික වර්ෂාපතනය හේතුවෙන් උතුරු කොරියානු-චීන දේශසීමාවේ ගංගාවක් මෙලෙස පිටාර ගලා ඇති අතර සිනුයිජු සහ උයිජු යන ප්‍රදේශවලට ජල ගැලීම්වලින් වැඩිම බලපෑම් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
කිසිදු මරණයක් හෝ ගංවතුරෙන් කොපමණ හානියක් සිදුවී ඇත්ද යන්න මෙතෙක් වාර්තා වී නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් උතුරු කොරියානු නායක කිං ජොන් උන් විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර විපතට පත් පුද්ගලයින්ට ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සැපයීමට නියෝග කර තිබෙනවා.
මේ පිළිබඳව සොයා බැලීම සඳහා උතුරු කොරියානු නායකයා ජල ගැලීම්වලට හසුවූ ප්‍රදේශ වල සංචාරය කර ඇති අතර
උතුරු කොරියානු නායකයාගේ රථ පෙළක් ජල ගැලීම්වලට හසුවූ මාර්ගයක ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද විදෙස් මාධ්‍ය පළකර තිබෙන අතර ගංවතුර හානි වැළැක්වීමට කිහිප වතාවක්ම තමා නියෝග කළ බව පවසා නිලධාරීන්ට බැණ තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.