Tuesday, November 19, 2024

General line - 0115112241

පරිගණක අපරාධකරුවන් ග්‍රහණයේ සිටින දෙමාපියන්ගෙන් ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති කාර්යාලයට සන්දේශයක්

නිරෝෂන් කොළඹ




කොළඹ පිහිටි මියන්මාර් තානාපති කාර්යාලය වෙත රැකියා සඳහා මියන්මාරය වෙත ගොස් පරිගණක අපරාධකරුවන් ග්‍රහණය සිටින තරුණ තරුණියන්ගේ දෙමාපියන් සංදේශයක් බාරදි තිබෙනවා.

එම අවස්ථාවේදී මියන්මාර් තානාපතිවරයා එම දෙමව්පියන් සමඟ සාකච්ඡාවක නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ 

මෙම අවස්ථාවේදී මාලිගාවිල අස්සජි ස්වාමීන් වහන්සේ මියන්මාර් තානාපති කාර්යාලයේ පිරිසට සිදුවීම් විස්තර කරමින් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ද පෙන්වා තිබෙනවා.

එම සාකච්ඡාව අතරතුර මියන්මාර් තානාපතිවරයා පවසා ඇත්තේ  මියන්මාර් රජයේ පාලන ප්‍රදේශයෙන් බැහැරව මෙම පිරිස රඳවාගෙන තිබෙන බවත් මොහුන් බේරා ගැනීම සඳහා රජයක් වශයෙන් මැදිහත් වන බවයි. 

කෙසේ වෙතත් මාලිගාවිල අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකා රජයෙන් තමන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නම් කිසිදු මුදලක් රජයෙන් නොගෙන මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කර මාසයක් ඇතුළත මෙම පිරිස බේරා ලංකාවට රැගෙන ඒමට හැකියාව පවතින බවයි