ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
අද පැවති එම පෙරමුණේ දේශපාලන මණ්ඩල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙන්නේ.
මෙම අවස්ථාව සඳහා දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 82නෙකු ගෙන් 79 ක් රැස්වීමට එක්ව තිබෙනවා.
ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත්කිරීම සදහා වූ යෝජනාවට විරුද්ධව ඡන්ද 11 ක් ලැබී ඇති අතර පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයකු සදහා සහය දෙන අයට විරුද්ධව විනය පියවර ගැනීම සදහා වූ යෝජනාවට විරුද්ධ ඡන්ද ප්රකාශ කර ඇත්තේ 06 දෙනෙක් පමණි.
අදාළ තීරණයට එළඹ ඇත්තේ දේශපාලන මණ්ඩලය තුළ ඡන්ද විමසීමකින් අනතුරුවය.
ඒ අනුව පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්රකාශයට පත් කිරීමට සූදානම් බව පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ.