Tuesday, November 19, 2024

General line - 0115112241

දැඩි රැකවල් මැද මන්නා රමේෂ් අවිස්සාවේල්ල අධිකරණයට




ඩුබායිහීදී අද අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් තිබූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා.    

කොළඹ - දකුණ අපරාධ වාර්තා කොට්ඨාසය භාරයේ සිටින ඔහු අධිකරණය හමුවට රැගෙන එනු ලැබුවේ දැඩි පොලිස් රැකවල් මධ්‍යයේ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අත් බෝම්බයක් ළඟ තබා ගැනීමේ වරදරකට අදාළව ඔහු අද අවිස්සාවේල්ල අධිකරණ හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

මන්නා රමේෂ් යළිත් අගෝස්තු 07 වනදා අධිකරණයට ඉදිරිපත් කර ලෙස එහිදී නියෝග කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අවිස්සාවේල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාරිකයින්ගෙන් කප්පන් ලබාගැනීම ඇතුළු අපරාධ රැසකට මන්නා රමේෂ්ට චෝදනා එල්ල වනවා.

ඩුබායිහීදි අත්අඩංගුවට ගත් ඔහු පසුගිය මැයි 07 වනදා රැගෙනවිත් තිබුණා.