තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අගෝස්තු පස්වනදායින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව එදින් හෝ එදිනට පෙර අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වනවා.
එදිනට පසු ලැබෙන අයදුම්පත් සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ඒ අනුව අයදුම්පත නියමිත සහතික කිරීමේ නිලධාරී මඟින් අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසයි තැපැල් ඡන්ද අයදුම් කිරීමට අපේක්ෂා කරන රජයේ නිලධාරින්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලා සිටියේ.
මෙවර ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 21 වනදා පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා ප්‍රකාශ කළා.
ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ නාම යෝජනා භාර ගැනීම අගෝස්තු 15 වනදා සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ද මේ වනවිට අවස්ථාව සලසා දී තිබෙනවා.
ඒ අනුව අගෝස්තු 14වනදා මධ්‍යහ්න 12 දක්වා ඔවුන්ට ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයන් සිව් දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම අපේක්ෂකයින් සිව්දෙනා පසුගිය 26 වනදා ඇප මුදල් තැන්පත් කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.