ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් වන අවසන් තීරණය අගෝස්තු 10 හෝ 11 වැනිදා ගැනීමට නියමිත බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . ශ්‍රීධරන් පැවසුවා.
එම දින දෙක ඇතුළත රැස්වන පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී එම තීරණය ගන්නා බව ඔහු කියා සිටියා.
ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන දෙමළ අපේක්ෂයෙකු ඉදිරිපත් කළ යුතු බවට දේශපාලන පක්ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන කිහිපයක එකඟතාවයෙන් මීට දින කිහිපයකට පෙර පොදු එකඟතාවයකට පැමිණියා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන්ද ඉලංගෙයි තමිල් අරසු පක්ෂ සිය මතය මේ දක්වා ප්‍රකාශ කර නැහැ.