ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ හා ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථි දුෂ්මන්ත මිත්‍රපාල එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය සැප්තැම්බර් මස 24 වනදා දක්වා යලි දීර්ඝ කෙරුණා.
ඒ, කොළඹ දිසා අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් යළි කැඳවූ අවස්ථාවේදීයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පාර්ශ්ව තුනක් නොමැති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
සිය පක්ෂයේ සිටින්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් එකම කණ්ඩායමක් පමණක් බවයි අගුනකොළපැලැස්ස පිහිටි සිය නිවසේදී මාධ්‍ය අමතමින් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.