ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට අද රැස් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේදී තීරණය වී තිබෙනවා.
ඒ අනුව තවත් දින කිහිපයක් ඇතුළත සිය අපේක්ෂකයා නම් කරන බවයි එම රැස්වීම අවසන් වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුවේ.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්.