රුසියාවේ දුම්රියක් දුම්රිය හරස් මාර්ගයකදී ට්‍රක් රථයක ගැටීමෙන් මැදිරි අටක් පීලි පැනීමට ලක්වී තිබෙනවා.
පුද්ගලයන් 800 ක් පමණ රැගත් මගී දුම්රියේ මැදිරි අටක් ගැටීමෙන් පීලි පැනීමට ලක් වූ බව රුසියානු දුම්රිය සේවය මාධ්‍ය වෙත පවසා ඇත්තේ
එම අනතුරෙන් දරුවෙකු ඇතුළු 16 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් 140 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ටාටාස්තානයේ කසාන් සිට කළු මුහුදේ ඇඩ්ලර් දක්වා ධාවනය වූ මෙම දුම්රිය අනතුරු ඇඟවීම් සිදු කලත් එය නොතකා හරස් මාර්ගයට ට්‍රක් රථය ඇතුල් කල බවයි රුසියානු දුම්රිය සේවය වැඩිදුරටත් පැවසීය
ට්‍රක් රථය ගැටීමෙන් මීටර් 15ක් පමණ ඉවතට විසිවී ගොස් ඇති අතර ට්‍රක් රථයේ රියදුරු බරපතළ තත්ත්වයෙන් පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ