Tuesday, November 19, 2024

General line - 0115112241

ජනපතිවරණයට පොලීසිය දීමේ බලය මහජන ආරක්ෂක ලේකම්ට




පොලිස්පතිවරයෙකු පත් කර නොමැති බැවින් ජනාධිපතිවරණයට අවශ්‍ය පොලිස් නිලධාරීන් ලබා දීමේ බලය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට පවරා ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක පැවසුවේ ජනාධිපති ලේකම්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ නියමය පරිදි මෙම කටයුතු සිදු වන බවයි. 

ඇප මුදල් තැන්පත් කිරීමද කල් වේලා ඇතිව සිදු වන්නේ නම් අනවශ්‍ය තදබදයක් ඇති වීම වළක්වාගත හැකි බවයි ඔහු සඳහන් කළේ.

ජනාධිපතිවරණය සඳහා මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇත්තේ අපේක්ෂකයින් 06 දෙනෙකු සඳහා පමණයි. ඒ, පිළිගත් දේශපාලන පක්ෂ 04කින්.

අනිත් දෙදෙනා ඇප තැන්පත් කර ඇත්තේ ස්වාධීනවයි.