කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය උපාධිය සඳහා සම්මත නිර්ණායකයන්ට පටහැනි ලෙස සිසුන් ඛදවා ගැනීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මහාචාර්ය අර්ජුන පරාක්‍රම ප්රමුඛ පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
අදාළ පෙත්සම කරුණු වසන් කරමින් ගොනුකර තිබෙන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන විසින් මතු කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කර ඇත්තේ.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.