ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් නිල නොවන තොරතුරු මේ වන විට වාර්තා වෙමින් තිබෙනවා.
එම ආරංචිමාර්ග සඳහන් කළේ කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ, යුරෝපානු රටක් වන ලැට්වියා දේශසීමාව ආසන්නයේදීයි. කංජිපානි ඉම්රාන් මොස්කව් හරහා බෙලරුස් වෙත ගොස් ලැට්වියාවට ඇතුළු වීමට උත්සහ දරා ඇති බවටයි වාර්තා වන්නේ.
ඔහු සමග සිටි තවත් කාන්තාවක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි නිල නොවන වාර්තාවල සඳහන්.
ඇය “මර්වින් ජනා” නමැති සංවිධානාත්මක අපරාධකරුගේ බිරිඳ බවයි පැවසෙන්නේ.
ඇය මීට පෙර ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි බවටද තොරතුරු පවතිනවා.
කංජිපානි ඉම්රාන් සමග ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන ලොකු පැටී ද අත්අඩංගුවට ගෙන ඇති බව නෙත් නිවුස් ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන වාර්තා කළා.
ලොකු පැටී නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වන්නේ ඩුබායි දේශ සීමාව ආසන්නයේදීයි.
ලොකු පැටී අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තුවක් පැවති බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා