ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින තමන්ගේ ජයග්‍රහණය සඳහා නව ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය අපේක්ෂා කරන බව දැනුම් දෙමින්.
වත්මන් සංවර්ධන සැලසුම් තවදුරටත් ඉදිරියට ගෙන යාමේ අරමුණ සඵල කර ගැනීමට බහුතර දේශපාලන පක්ෂ සංඛ්‍යාවක සහයෝගය ලබා ගැනීම තමන්ගේ අරමුණ බවයි ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම මෙතෙක් පැමිණි ගමන් මගට නව ලංකා නිදහස් පක්ෂය ලබා දුන් සහයද අගය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී සිය ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය අපේක්ෂා කරන බවත් ඒ සඳහා නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිචාරය කඩිනමින් අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.