විද්‍යුත් වීසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
එමෙන්ම අදාළ සමාගම් සමග 2023 වසරේ සැප්තැම්බර් මස 11 වනදා ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
එමෙන්ම අදාළ ගිවිසුම මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර පැවති තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසත් වග උත්තරකරුවන්ට නියෝග කළා.
මෙම අතුරු තහනම් නියෝග සියල්ල පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවයි විනිසුරු මඩුල්ල නිවේදනය කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කළා.