Tuesday, November 19, 2024

General line - 0115112241

ඇමති ප්‍රසන්න අද සිට අලුත් වැඩක




ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට එකඟතාව පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් හමු වී සාකච්ඡා කිරීමේ වැඩසටහන් අද සිට ආරම්භ වනවා.

ඒ, අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දෙන රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන  ආයතන නියෝජිතයින් අතර සාකච්ඡාව අද පෙරවරු 10ට ආරම්භ වනවා.

ඒ, රත්නපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකදීයි.

එම සාකච්ඡාව සංවිධාන කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර බවයි වාර්තා වුණේ.

අද පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියේදී සිදු කිරීමට නියමිත වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක රාජ්‍ය අමාත්‍ය කනක හේරත් රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 18 දෙනා සමගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.