අපවත් වී වදාළ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර පොඩි හාමුදුරුවන්ගේ දේහය මේ වන විට එම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.
විශේෂ රථ පෙරහැරකින් උන්වහන්සේගේ දේහය විහාරස්ථානයට රැගෙන එනු ලැබුවේ අද උදෑසන 06ට පමණයි.
ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සඳුදා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කරන බවයි හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය, පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් පැවසුවේ.
හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර පොඩි හාමුදුරුවන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ අපවත් වුණා.
කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අපවත් වන විට 81 වන වියේ පසුවුණා.