වත්තල, මහබාගේ අධිකරණ රථ ගාල ඉදිරිපිටදී රුපියල් එක් ලක්ෂ 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහබාගේ පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනියුක්ත පොලිස් සැරයන්වරයෙක්.
සැකකාර පොලිස් නිලධාරියා උස්වැටකෙයියාව ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් එලෙස අල්ලස් මුදල් ලබා ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට යුක්තිය මෙහෙයුමේ නාම ලේඛනයේ ඇතුළත්ව ඇති අතර ඔහුගේ නම එම ලේඛනයෙන් ඉවත් කිරීමටත් අදාළ පුද්ගලයාට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා බාධාකිරීම් නොකරන ලෙසටත් ඉඩ සලසන බව පවසා එම පොලිස් නිලධාරියා එලෙස අල්ලස් මුදල ලබා ගෙන ඇති බවටයි සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.