ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු පළාත් පාලන නියෝජිතයින් එකඟතාව පළ කර තිබෙනවා.
එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධානය රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹුනා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමේ යෝජනාව සභාවට ඉදිරිපත් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු ද යන්න පිළිබඳවද මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මෙහිදී විමසීමක්ද කළා.