සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම නිලධාරීන් කොළඹට කැඳවූ බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
මාධ්‍ය ප්‍රධානීන්ද ලබන සඳුදා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
මේ අතර, ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දයට අවශ්‍ය ආකෘති පත්‍ර මුද්‍රණය කර ඒවා මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බව රජයේ මුද්‍රණාලය පැවසුවා.
නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු වේගවත්ව ආරම්භ කරන බවද රජයේ මුද්‍රණාලය වැඩිදුරටත් කියා සිටියා.
ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වෙනවා.
ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ නාම යෝජනා භාර ගැනීම අගෝස්තු 15වනදා සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම මේ වන විට සිදු වනවා.
ලබන 14 වනදා මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකියි.
ඒ අනුව ඊයේ දිනය දක්වා ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 14 දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.