Tuesday, November 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහය සජිත්ට




ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා.

කොළඹ අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එලඹි බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට නියමිත බව නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගයෙන් පසුගියදා පළමුවරට අනාවරණ කළා.