එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති බවට පත් කිරීම සඳහා ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.
අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම ඒකාබද්ධ වැඩපිළිවෙල සකස් කෙරුණා.
ගම්පහ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 22ක්.
ඉන් මන්ත්‍රීවරු 16 දෙනෙක් මේ වනවිටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා ඉදිරිපත් වී තිබෙනවා.
ගම්පහ නගර සභාව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 17ක් වන අතර ඉන් 12 දෙනෙකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ බවයි එහිදී අනාවරණ වුණේ.
මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් රත්නපුරයේදී පැවැති සාකච්ඡාවකදී එම පක්ෂයේ මහජන නියෝජිතයන් මෙම තීරණයට එළැඹි බවයි ප්‍රකාශ කෙරුණේ.
සාකච්ඡාව සඳහා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 08 දෙනාගෙන් හතර දෙනෙකු පැමිණ තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර, අකිල එල්ලාවල සහ මුදිතා ප්‍රිශාන්ති එලෙස පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීී ජෝන් සෙනෙවිරත්න, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට දැනටමත් ප්‍රකාශ කර අවසන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කිරීමට සූදානම් වන බවටයි වාර්තා වුණේ.
කෙසේවෙතත් ආසන සංවිධායක ධූරයේ ගැටළුවක් හේතුවෙන් එය ප්‍රමාද වී ඇති බවද වාර්තා වුණා.
අසනීප තත්ත්වය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මේ වනවිට ඔහු නායකත්වය දැරූ ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ නායකත්වයෙන් ඉවත්ව ක්‍රියාකාරී දේශපාලනයෙන්ද ඉවත්ව සිටින බවයි පැවසෙන්නේ.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහාය ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් නායිකාව වන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත බලකර ඇති බවද වාර්තා වනවා.
පැල්මඩුල්ල ආසනයේ පැවැති සිය ක්‍රියාකාරී හමුවකදී එලෙස අමාත්‍යවරියට බල කර ඇති බවයි වාර්තා වුණේ.
කෙසේවෙතත් ඇය මෙතෙක් සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කර නොමැති බව දේශපාලන ආරංචි පැවසුවේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් සහ මන්ත්‍රීවරුන් 160 දෙනාගෙන් 150 දෙනෙකුම අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ ජනාධිපතිවරයාට සහාය පල කළද තමන් කිසිසේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්නොහරින බවයි.
මේ අතර පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන සාමාජිකයන්ගේ තරාතිරම නොබලා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරන බවට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව තමන්ට ද විනය ක්‍රියාමාර්ග ගන්නා බවට පක්ෂය විසින් තමන්ට ද ලිපියක් එවා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත.
කෙසේවෙතත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ පක්ෂයේ සියලු පාර්ශව එක්කර ගනිමින් ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් කමිටු රැස්වීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පල කළා.