කුවේට් රාජ්‍යයේ සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයක් අතරතුරදී ඊට සහභාගී වූ ලාංකිකයින් 24 දෙනෙකු කුවේට් රාජ්‍යයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. \
අත්අඩංගුවට ගත් පුද්ගලයින් 24 දෙනා අතර මෙරට ප්‍රසිද්ධ ගායන ශිල්පීන් කිහිප දෙනෙකු සහ එය සංවිධානය කළ පුද්ගලයින් පිරිසක් සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
මේ සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඔහුගේ ඞ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ඔවුන් මුදවා ගැනීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි.
එම සංගීත ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ “එතෙර අපි” සංවිධානය විසින් බවයි වාර්තා වන්නේ.