නාගරික රථවාහන කොට්ඨාසය තුළදී පොලිස් නිලධාරින්ගෙන් හිරිහැර සිදුවන්නේ නම් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ අනුව එවැනි සිද්ධීන් 011 2 433333 දුරකථන අංකයට පැමිණිලි කරන ලෙසයි නාගරික රථවාහන කොට්ඨාසය පැවසුවේ.
නාගරික රථවාහන කොට්ඨාසයට පිටකොටුව, කොටුව, මරදාන ඇතුළු කොළඹ හා අවට පොලිස් ස්ථාන 53ක් අයත් වනවා.
ඒ අනුව එම පොලිස් බලප්‍රදේශවලදී පොලිස් නිලධාරින්ගෙන් හිරිහැර සිදුවනවා නම් 011 2 433333 දුරකථන අංකයට පැමිණිලි කළ හැකියි.