Tuesday, November 19, 2024

General line - 0115112241

නිලධාරින් ඇතුළු පුද්ගලයින්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම ඇරඹේ




2023/2024 වර්ෂයේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය කිරීමට නියමිත නිලධාරින් ඇතුළු පුද්ගලයින්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සිය නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

රජයේ ධූරාවලි ලැයිස්තුව මෙන්ම අදාළ පුද්ගලයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලැබෙන පිළිවෙලට අනුව වෙබ් අඩවියේ ඇතුළත් කරන බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.