Tuesday, November 19, 2024

General line - 0115112241

ඉදිරියේදී රැකියා ලබා දීමට ජනපතිගේ අවධානය




පසුගිය වසර 04 තුළ රාජ්‍ය අංශවල සහ පෞද්ගලික අංශවල රැකියා ලබාදී නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉදිරි වසර 02 තුළදී රැකියා ලබාදීම සඳහා රට තුළ නව වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි යාපනය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.


සමගි ජන බලවේග රජයක් යටතේ සියලුම ආරක්ෂක අංශ නියෝජිතයින්ගේ  ගැටළු විසදීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ගම්පහ ප්‍රදේශයේ පැවති රණවිරු සමුළුව අමතමින්.


විවිධ ක්ෂේත්‍රයන්වල ආබාධයන්ට ලක්ව ඇති පුද්ගලයන් කෙරෙහි ජාතික ජන බලවේග රජයක් යටතේ වැඩි අවධානයක් යොමු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

කොළඹ පැවති අබාධිත පුද්ගලයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති එලි දැක්වීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.


මීට වසර දෙකකට පෙර රට තුළ පැවති අර්බුධකාරී තත්ත්වය සියලු දේශපාලන නායකයින්ට අමතක වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සඳහන් කළා.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශ්වාස කරමින් ඡන්දය ලබාදුන් පාර්ශවිකයන් හැරදමා වෙනත් දේශපාලන පක්ෂයක් සමඟ එක්වීමට කිසිදු අවශ්‍යතාවක්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් තුළ නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලොන්නරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේ.