පිලිපීනයේ පැවති ජාත්‍යන්තර න්‍යෂ්ටික භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියට සහභාගී වී, රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගත් ශ්‍රී ලාංකික තරුණ විද්‍යාඥයින් තිදෙනකු යළි මෙරටට පැමිණ තිබෙනවා.
මෙම තරඟාවලිය පිලිපීනයේ නිව් ක්ලාක් නුවර දී ඉකුත් වන 31 දින සිට ඊයේ දිනය දක්වා පැවැත්වුණා.
තරඟාවලිය සඳහා ලෝකයේ රටවල් 14ක තරඟකරුවන් 60කට අධික පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර න්‍යෂ්ටික භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගී වී ඇත්තේ පළමු වරටයි.
එහිදී කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදී ශිෂ්‍ය එම්. එන්. ඒ. මුෂාබ් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.
එම තරඟාවලියේදී රිදී පදක්කම දිනා ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය පබසර මාදුවගේ සහ මහනුවර කිංග්ස් වුඩ් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය අකිල බණ්ඩාරයි.
අද උදෑසන 9.35 ට පමණ දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔවුන් ළිගැනීම සදහා ශ්‍රී ලංකා භෞතික විද්‍යාඥයින්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් සහ එම සිසුන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණ සිටියා.