ෂීක් හසීනා බංග්ලාදේශයේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නොබෙල් සාම ත්‍යාගලාභී ආචාර්ය මුහම්මද් යුනුස් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ ආචාර්ය මුහම්මද් යුනුස් ඩකා අගනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් විසින් ඉදිරියේ දිවුරුම් දුන් බවයි.
අගමැතිවරයෙකු දිවුරුම් දෙන අවස්ථාවලදී පැවැත්වෙන උත්සවයට සමාන උත්සවයක් එහිදී පවත්වා තිබෙනවා.
ඊට සහභාගි වීම සඳහා ආචාර්ය මුහම්මද් යුනුස් පැරිසියේ සිට ඩකා අගනුවර වෙත ඊයේ පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
දිවුරුම් දීමේ උත්සවය සඳහා බංගලාදේශයේ දේශපාලන නායකයින්, සිවිල් සමාජ නායකයින්, ජෙනරාල්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහභාගී වී තිබෙනවා.
කෙසේවෙතත් එම උත්සවයට ෂීක් හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ කිසිදු නියෝජිතයෙක් පැමිණ නොසිටි බවද විදෙස් මාධ්‍ය පැවසුවා.
බංග්ලාදේශයේ අන්තර්වාර රජයට අයත් සෙසු සාමාජිකයින් දිවුරුම් දී තිබෙනවා.
16 දෙනෙකු අයත් වන එම අන්තර්වාර රජයට ශිෂ්‍ය විරෝධතා නායකයින් දෙදෙනෙකු ද ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.