ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජනතාව වෙනුවෙන් සිදු කරන කාර්යයන් පිළිබඳව ද මේ වනවිට සාකච්ඡා වෙමින් පවතින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා ඉදිරිපත්වන ආකාරය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු පමණක් හැර සෙසු සියලු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට සහාය පල කිරීම සඳහා එක්ව සිටින බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් කියා සිටියේ.