බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන කංජිපානි ඉම්රාන්, ලොකු පැටී සහ රොටුඹ අමිල දිවයිනට රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට එරට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා.
බෙලරූස් රාජ්‍යයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබුණා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව සැකකරුවන් දිවයිනට රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙසටයි විදේශ කටයුතු අමාත්‍යංශය බෙලරූස් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයාට දැනුම් දී ඇත්තේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන කංජිපානි ඉම්රාන්, ලොකු පැටී සහ රොටුඹ අමිල නීති විරෝධී ලෙස බෙලරූස් රාජ්‍යයට ඇතුල්වීමේ චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
සැකකරුවන් තිදෙනා ඉදිරිපත් කර ඇති ගමන් බලපත්‍ර සහ වීසා ව්‍යාජ ලෙස සකස් කරන ලද ඒවා බවට ද එහිදී අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන්, ලොකු පැටී සහ රොටුඹ අමිල මේ වනවිට බෙලරූස් රාජ්‍යයේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.