විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රධාන මැතිවරණ ප්රචාරක රැලි සියයක් සංවිධානය කර ඇති බව සමගි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනතාව දැනුවත් කිරීමට තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි.
කුමන පක්ෂයක් සමගි ජන බලවේගය සමග සන්ධාන ගත වුවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරන්නේ දුරකථනය ලකුණ යටතේ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළා.