සියලුම ග්‍රාමසේවා නිලධාරින් සේවාවලින් ඉවත් වී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේ ද ක්‍රියාත්මක වනවා.
ඔවුන් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවට විරෝධය පල කරමින්.
කෙසේවෙතත් ඊයේ පැවති සාකච්ඡාවකදී අදාළ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව බලාත්මක කරන චක්‍රලේඛය අත්හිටුවීමට කටයුතු කරන බව අමාත්‍යංශ ලේකම්වරයා පොරොන්දු වූ බවයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ පැවසුවේ.
සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ හෙට දිනයේ තීරණයක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.