මහනුවර ඓතිහාසික ශ්රී දළඳා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්ර වලට ගරුකරමින් විචිත්රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන පෙරහර සංදේශය දියවඩන නිළමේ ප්රදීප් නිලංග දෑල විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.
ඒ අද පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී.
පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයේ ප්රධාන දොරටුව අභියසට පැමිණි අතර ඉන් අනතුරුව දියවඩන නිලමේවරයා සාම්ප්රදායානුකූලව සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.