ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා පනවා ඇති වියදම් සීමා අනුව ඔවුන් ප්රචාරණ කටයුතුවල නිරත වන්නේ ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කිහිපයක් එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ ඒ සඳහා ඡන්ද දායකයින්ගේ ද සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්රචාරක කටයුතුවලට බාධාවක් නොවන පරිදි බාහිර පාර්ශවයක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බවයි.
මැතිවරණ වියදම් සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති ආර් ඒ එම් එල් රත්නායක මෙලෙස පැහැදිලි කළා.
කිසියම් අපේක්ෂකයෙකු මැතිවරණ වියදම් සීමා උල්ලංඝනය කළ හොත් ලැබෙන දඬුවම කුමක්ද?
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක්.
මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්රයට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට සිය මැතිවරණ ප්රචාරක වියදම් ලෙස වැය කළ හැකි උපරිම සීමාව රුපියල් කෝටි එකසිය අසූ හයක්.