ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ කොළඹදී පවත්වා තිබෙනවා.
ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මෙම නව දේශපාලන පක්ෂය හරහා අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට එහිදී තීන්දු වී ඇති බවයි වාර්තා වුණේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් සහභාගි වී තිබෙනවා.
නව දේශපාලන පක්ෂය සඳහා නම් කිහිපයක්ම එහිදී යෝජනා වී ඇති බවයි වාර්තා වුණේ.
ඉදිරියේදී බිහිවන නව දේශපාලන පක්ෂය සඳහා වන ව්‍යවස්ථාව මේ වන විටත් සකස් කර ඇති බැවින් එම ව්‍යවස්ථාව අනුව ඉදිරියේදී කටයුතු කිරීමට ද එම සාකච්ඡාවට එක් වූ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව වාර්තා වුණා.
එය ඇතුළු දේශපාලන වේදිකාවේ තිරය පිටුපස කතා ඇතුළත් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්