Monday, December 23, 2024

General line - 0115112241

පකිස්ථානයේ දෙවන කඩුල්ලත් දැවී යයි




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ වන විට පැවැත්වෙනවා.

ඒ, රාවල්පිණ්ඩිහිදීයි. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන පකිස්තාක කණ්ඩායම මීට  පන්දුවාර 29 ක් අවසානයේ කඩුළු 02 ක් දැවී ලකුණු 116 ක් රැස් කරගෙන සිටියා.

අබ්දුල්ලා ෂෆීක් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ එංගලන්ත කණ්ඩායම දෙවන දින නිමාවන විට ලකුණු 256ක් ඉදිරියෙන් පසුවුණා.

දෙවනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් රැස්කරගෙන සිටියා.

එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 427ක්.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පළමු ඉනිම සඳහා රැස් කිරීමට හැකි වූයේ  ලකුණු 196ක් පමණයි.