නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වනවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කරමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
පොලිස් ආරක්ෂාව යටතේ එම කටයුතු සිදුකරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ.
මේ අතර ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,592ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය ජූලි 31 වනදා සිට අගෝස්තු 30 වනදා දක්වා එම පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන 1,526ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝනය කිරීමට අදාළවයි.
එම පැමිණිලි 881ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.
එලෙස ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව නෙත් නිවුස් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසා සිටියා.