Saturday, November 16, 2024

General line - 0115112241

තවදුරටත් අත්‍යවශ්‍ය ඖෂධ 50ක් හිඟ වෙයි




අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 50ක පමණ හිඟයක් තවදුරටත් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එමෙන්ම රජයේ ප්‍රාදේශීය රෝහල්වල ඖෂධ හිඟයක් නිර්මාණය වීම වැලැක්වීම සඳහා පූර්ව හඳුනාගැනීමේ දුර්වලතා ද පවතින බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ.


පවතින ගැටළු විසඳාගැනීම සඳහා කටයුතු කිරීම සෞඛ්‍ය බලධාරින්ගේ වගකීමක් බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.  


කෙසේවෙතත් හිඟවී ඇත්තේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 37ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවා.

සෘජු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා එම ඖෂධ හිඟය මගහරවා ගැනීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. 


ඉන්දියාවෙන් ඖෂධ ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ වැඩිදුරටත් පැවසුවේ.