සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කරන්දෙනිය සුද්දාගේ ගෝලයකු හා තවත් පුද්ගලයකු හෙරොයින් හා ගිනි අවියක්, T56 උණ්ඩ 04 සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ දින ඇල්පිටිය පොලිස් වසමේ වතුරවිල හන්දියේ දී සිදු කළ වැටලීමකදී
එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01, මිලි ග්‍රෑම් 200 ක් සහ ගිනි අවි ළඟ තබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පොල්පැලකැටිය, තල්ගස්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුගෙන් ලබා ගත් තොරතුරු මත ගිණිමඩුකන්ද, කහදූව, ඇල්පිටිය යන ලිපිනයේ පිහිටි නිවසේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී T56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් ,T56 උණ්ඩ 04 ක්, හෙරොයින් ග්‍රෑම් 15, මිලි ග්‍රෑම් 100 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කර සිටියේ.
එහිදී අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කරන්දෙනිය සුද්දා සමඟ සමීප සම්බන්ධතා පවත්වන ලද පිටිගල පොලිස් වසමේ දී සිදු වූ ද්විත්ව පුද්ගල ඝාතනයට ආධාර අනුබල දීමට අදාලව අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිට ඇති කහදූව, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයකු ද, අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇල්පිටිය පොලිස් ස්ථානය වෙත සැකකරුවන් දෙදෙනාම භාර දී තිබෙනවා.