වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් වැල්ලවාය නගරය ආසන්නයේ පිහිටා ඇති වැල්ලවාය කදු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර දහයකට ආසන්න භූමි ප්රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.
ඊයේ පස්වරුවේ හටගත් ගින්න ප්රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා වේගයෙන් පැතිර ගොස් ඇති අතර ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
අද අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති අතර ගින්න නිසා රක්ෂිතයේ ඉපැරැණි ශාක සහ තෘණ භූමිය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.