Saturday, November 16, 2024

General line - 0115112241

බදු මුදලට සිදුකල දේ ගැන ජනපතිගෙන් අනාවරණයක්




ඉදිරියටත් බඩු මිල පහළ දමමින් ජනතාවට සහන දීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

බදුවලින් ලබාගත් මුදල් සහන ලෙස මහජනතාව වෙත යළි ලබාදුන් බවයි බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.


පවුල්වාදී දේශපාලනයට තම රජය යටතේ ඉඩ නොතබන බවත් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සීමා කරමින් රජයේ වැඩකටයුතු සිදු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ බියගම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින්.


පසුගිය රජය සමයේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් තීරණ රැසක් ගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

හබරාදුව ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.


ජනතාවගේ ආදායම් වැඩි කරන නව වැඩපිළිවෙලක් තම රජයක් යටතේ ආරම්භ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

දුප්පත්කම තුරන් කිරීම සඳහා සමගි ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ යෝජනා රැසක් ඇතුළත් තිබෙන බවයි නාච්චදූව ප්‍රදේශයේ පැවත ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.