විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියන් අපවත්වී තිබෙනවා.
1976 වසරේ පෙබරවාරී 14 වැනිදා කොළඹදී උපන් උන්වහන්සේ, කොළොන්නාව ශ්‍රී බෝධි විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කර තිබෙනවා
කළක් අසනීප තත්ත්වයේ පසුවූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී ප්‍රථිකාර ලබමින් සිටියදීයි අපවත්වී තිබෙන්නේ
උන්වහන්සේ අපවත්වන විට 48 හැවිරිදි වියේ පසු විය
විචිත්‍ර ධර්ම දේශකයෙකු ලෙස ඉමහත් ප්‍රසිද්ධියට පත්ව සිටි බොරැල්ලේ කෝවිද හිමියන් ධර්ම ග්රන්ථ රැසක් රචනා කර තිබෙනවා.
දේහය මහජන ගෞරවය සඳහා හෙට (02) පෙරවරුවේ සිට කොළොන්නාව රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබීමට සැලසුම් කර තිබෙනවා.
දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය, ලබන අඟහරුවාදා පස්වරු 4.00 ට කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.