ඉදිරි ජනාධිපතිවරණය සහ ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වනවා.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසුවේ අත්දැකීම් බහුල පරිනත ජනාධිපති අපේක්ෂකයෙකු ජනතාව තෝරාගත යුතු බවයි.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ආර්ථිකය ගොඩ නැගීම සඳහා කිසිදු ක්‍රමවේදයක් ඇතුළත් කර නොමැති බවයි අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ ලේකම් සුජීව සේනසිංහ පැවසුවේ.
තවදුරටත් ජාතික ජන බලවේගයට දූෂණ චෝදනා එල්ල වූ කිසිදු පුද්ගලයෙක් එක්කර ගැනීමට බලාපොරොත්තු නොවන බවයි කළුතර පැවති ජන රැළියකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
ඉදිරිපත් වී ඇති ජනාධිපති අපේක්ෂකයන් අතරින් රටට වැඩක් කළ හැකි එකම නායකයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ බවයි හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පැවසුවේ.