Saturday, November 16, 2024

General line - 0115112241

බෙදීම් මැද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 73 වන සංවත්සරය සැමරීමට සැරසෙයි




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය අද සමරනු ලබනවා.

ඒ, පස්වරු 01ට බත්තරමුල්ලේදීයි.  

“දිනුම රටට - එක්ව පෙරට” යන තේමාව මුල්කර ගනිමින් එය සමරනු ලබන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක පැවසුවේ.

එම සංවත්සර උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද ආරාධනා කර තිබෙනවා.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම් තුනකට වෙන්වී නොමැති බවත් පක්ෂයේ සැබෑ හිමිකරුවන් වන්නේ තම පාර්ශව බවත් එම පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක වැඩිදුරටත් පැවසුවා.