වැල්ලවාය, අයිස්පීල්ල කඳු පංතියේ ඉහල කොටසේ කොස්ලන්ද මායිමේ ඇති කදු රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඊයේ දහවල් හටගත් එම ගින්න රාත්රිය දක්වා රක්ෂිතයේ පැතිර ගොස් තිබූ බවයි.
ශ්රි ලංකාවට ආවේණික වන සතුන්, පක්ෂීන් සහ ඉපැරණි ශාක රැසකින් සමන්විත එම රක්ෂිතයේ අක්කර විස්සකට වැඩි භූමි ප්රමාණයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා.
රක්ෂිතයේ හටගත් එම ගින්න ඊයේ රාත්රියේ පාලනය කළ ද උදෑසන වන විටත් තැනින් තැන තවදුරටත් ගිනි ගැනීම් දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.