දඩයම්කරුවන් විසින් අටවනු ලබන මදු වලට හසු වන කදුකර කොටියන් මියයාමට ප්‍රධාන හේතුවක් වි ඇත්තේ නිසි වේලාවට මන්දට හසුවන කදුකර කොටියන් ඉන් මුදා ගැනිමට නොහැකි නිසා බව වනජිවි නිලධාරින් චෝදනා කරනවා.
කදුකර කොටියෙකු මන්දකට හසු වු විට ඒ පිලිබදව රණ්දෙණිගල, උඩවලව, බෙල්ලන්විල අත්තිඩිය, ගිරිතලේ, අම්පාර, කුරුණෑගල පණ්ඩුලගම යන වනජිවි පශු වෛද්‍ය රෝහල් වල සේවය කරන පශු වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගැනිමට සිදු වන බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කයට ආසන්නතම පශු වෛද්‍යවරයා සිටින්නේ රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ බවයි වනජිවි නිලධාරින් පවසන්නේ.
වන සතුන් නිර්වින්දනය කිරිම සදහා විදේශිය රටකින් ආනයනය කරන ලද මිටර් 30 ක් පමණ දිගකින් යුත් රිටක් තිබුනත් ඒ සදහා පශු වෛද්‍යවරුන් අවශ්‍ය නිර්වින්දන ඖෂධ ලබා නොදන බවයි වනජිවි නිලධාරින් චෝදනා කර සිටින්නේ.
මීට වසර කිහිපයකට පෙර අදාල නිර්වින්දන ඖෂධ ලබා දි තිබු බවත්, එවැනි අවස්තාවල වන අඩවි ආරක්ෂක නිලධාරින් මෙසේ මදු වලට හසු වු කදුකර කොටියන් සාර්ථකව නිර්වින්දනය කර අවශ්‍ය මුලික ප්‍රතිකාර සතාට ලබා දි එම සතුන් බේරාගත් බවද වනජිවි නිලධාරින් පවසා සිටියේ.
වනජිවි කාර්යාල වෙත අදාල නිර්වින්දන එන්නත් ලබා දි මදු වලට හසුවි අවාසනාවන්ත ලෙස මිය යන කදුකර කොටියන් ඇතුළු වන සතුන් බේරා ගැනිමට කටයුතු කරන ලෙසයි වනජිවි නිලධාරින් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.