Thursday, December 26, 2024

General line - 0115112241

අල බද්ද ඉහළට




ආනයනික අර්තාපල් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

දේශීය ගොවීන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර මේ අනුව ආනයනික අර්තාපල් ක්‍රිලෝග්‍රෑම් එකක් 01 ක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 35 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40 දක්වා ඉහළ දමා තිබෙනවා.

දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳ පොළට පැමිණීමේ දී එම ගොවීන්ට ඉහළ මිලක් ලබා දීම මෙම බදු ඉහළ නැංවීමේ අරමුණයි. අර්තාපල් සඳහා ඉහළ මිලක් ලබා දෙන ලෙස ගොවීන් දිගින් දිගටම කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් රජය මගින් මෙම පියවර ගත් බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ.