Thursday, December 26, 2024

General line - 0115112241

හැරී පොටර් චිත්‍රපට මාලාවේ මහාචාර්ය මැක්ගොනගල් දිවි ගමනට සමුදෙයි




හැරී පොටර් චිත්‍රපට මාලාවේ මහාචාර්ය මැක්ගොනගල්ගේ චරිතයට පණ පෙවූ ඩේම් මැගී ස්මිත් මිය ගොස් තිබෙනවා.

ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මිය ගිය බවයි ඇයගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ.

මිය යන විට ඩේම් මැගී ස්මිත් 89 හැවිරිදි වියේ පසු වූ බවට සඳහන්.

ඇය ලෝක ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වුයේ හැරී පොටර් සහ ඩවුන්ටන් ඇබේ චිත්‍රපට තුලින්.

ඇයගේ පළමු රංගනයන් 1950 දශකයේදී බි්‍රතාන්‍ය වේදිකාවේ තිරගත වූ අතර මීට වසරකට පෙර තිරගත වූ “ද මිරකල් ක්ලබ්” චිත්‍රපටය ඇගේ අවසාන නිර්මාණය බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

1990 වර්ෂයේදී බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ නියෝගයෙන් ඇයව ඩේම් කමාන්ඩර් ලෙස පත් කර තිබෙනවා. එතැන් සිට ඇය ඩේම් මැගී ස්මිත් ලෙස ප්‍රසිද්ධ වූ බවයි වාර්තා වන්නේ. 

ඇයගේ මරණය සම්බන්ධයෙන් හැරී පොටර් කතාමාලාවේ රචක ජේ කේ රෝව්ලින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ ඩේම් මැගී ස්මිත්ට උපහාර පළ කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සහ කැමිලා රැජින ද සිය ශෝකය පළ කරමින් ඩේම් මැගී ස්මිත් ජාතික වස්තුවක් ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිය සිනමා ජීවිතය තුළ ඔස්කා සම්මාන දෙකක් සහ බෆ්ටා සම්මාන අටක් දිනා ගැනීමට ඇය සමත් වී තිබෙනවා.